බලවත් වචනය

අප කුමක් විශ්වාස කරන්නෙමුද?

අපි පියාණන් හා පුත‍්‍රයාණන් කෙරෙහි විශ්වාස කරමු
යොහන් 14:1

යෙහෝවා කෙරේ විශ්වාස කරන්න, මා කෙරේත් විශ්වාස කරන්න.

යාවේ වන එකම දෙවියන් හැර වෙන දෙවිකෙනෙක් නැත.

ද්වීතීය කථාව 4:35
ඔබට පෙන්වනලද්දේ යාවේ දෙවියන් බවත් එතුමා මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැනගන්න පිණිසය.

ද්වීතීය කථාව 6:4
එම්බා ඉශ‍්‍රායෙල් අසන්න අපේ දෙවි වු “යාවේ” නම “යාවේ”

ද්වීතීය කථාව 32:39
මා පමනක් යාවේ බවත් මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න මම නසන්නෙමි, මම ජීවත්කරන්නෙමි, මම තුවාලකෙලෙමි, මම සුවකරමි, මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.

යෙසායා 40:25
ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැත්තානන් අසන සේක.

යෙසායා 44:6
ඉශ‍්‍රායෙල්ගේ රඡුද ඔහුගේ මිදුම්කාරයාද වු දෙවි වූ සේනාවල යාවේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමයත මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. තැතිගන්ටවත් භයවෙන්ටවත් එපාත මම පුරාණයේ පටන් නුඔට ප‍්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඔලා මාගේ සාක්ෂිකාරයෝය. මා හැර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැතත අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.

යෙසායා 43:10,11
මම ඵ් තැනැත්තා බව නුඔලා දැනගෙන මා විශ්වාස කර තේරුම්ගන්න පිනිස නුඔලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවා, "මා” සිටින්ට පළමුවෙන් කිසි දෙවි කෙනෙක් සාදනු ලැබුවෙ නැත. මම, මමම, යාවේත මා හැර වෙන ගැළවුම්කාරයෙක් නැත.

යෙසායා 45:5-6, 18,21-22
5.මම යාවේ, වෙන කෙනෙක් නැත මා හැර වෙන දෙවිකෙනෙක් නැත.
6.මා හැර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිනිස නුඔ මා නෑදින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම යාවේ, වෙන කෙනෙක් නැත.
18. මක්නිසාද ස්වර්ගයෙන් මැව්වාවු, පොළොව මවා සාදා එය පිහිටෙව්වාවු, එය හිස්කමට නොමවා වාසය පිනිස එය සැදුවාවු දෙවියන් වන යාවේ, මෙසේ කියන සේක. මම යාවේ වෙන කෙනෙක් නැත.
21. ඒක දන්වා ඉදිරියට ගෙනෙල්ලාත එසේය, ඔවුහු එක්ව මන්ත‍්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප‍්‍රකාශකළේත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? යාවේ, වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.මම ධර්මිෂ්ඨ වු දෙවි කෙනෙක්ය. ගැළවුම්කාරයෙක්යත වෙන කෙනෙක් නැත.
22.පොළවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරි ගැලවියල්ලා. මක්නිසාද මම යාවේ, වෙන කෙනෙක් නැත.

යෙසායා 46:5
අප ඒකාකාර වන සේ නුඔලා මා සමාන කරන්නෙත් එක සම කරන්නෙත් සදෘශ කරන්නෙත් කාටද?

මාර්ක් 12: 29-30,32
29.යෙෂුආ උත්තරදෙමින් ප‍්‍රධාන එක නම් අහෝ ඉශායෙල් අසාපන්නත අපේ දෙවියන් යාවේ,එතුමා එකම යාවේය.
30.නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවු යාවේට, ප්‍රේමකරන්න යන එකය.
32.එවිට ලියන්නා ආචාරිතුමා, සැබැවින් එතුමා එකම තැනැත්තානන් ඔබ හරිලෙස කීයෙහිය. යාවේ හැර වෙන කිසි දෙවිකෙනෙක් නැත.

යොහන් 8:41
නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔවුහු: අපි වෙශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව
අපට ඇත්තේ එකම පියාණෝය. ඒ දෙවියන්යයි කීසේක.

යොහන් 17:3
එකම සැබෑවු දෙවියන් වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යෙෂුආ මෙසායා ඔවුන් විසින් ඇදිනගැනිමය.

පියාණන් සහ පුත‍්‍රයා දැන ගැනිම පියාණන් සහ පුත‍්‍රයා හඳුනා ගන්න වෙන මාර්ගයක් නැත.

මතෙව් 11:27
මාගේ පියාණන් විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන් මිස අන් කිසිවෙක් පුත‍්‍රයා හඳුනන්නේ නැත. පුත‍්‍රයාත් පුත‍්‍රයා විසින් යමෙකුට පියාණන් එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන් හඳුනන්නේ නැත.

පියාණන් වන දෙවියන් සහ පුත‍්‍රයා නොදැන බොහෝ ක්‍රිස්තියාණින් හා ගුරුවරුන් සිටිය හැකිද?
ඔව්!


යොහන් 8:19
එබැවින් ඔවුහු: නුඹේ පියාණන් කොතැන්හිදැයි එතුමාගෙන් ඇසුවෝය. යෙෂුආ උත්තරදෙමින්: නුඔලා මාවත් මාගේ පියාණන්වත් අඳුනන්නේ නැත. නුඔලා මා ඇඳින්නහු නම් මාගේ පියාණනුත් අඳුනනවා ඇතැයි කීසේක.

තම පියා යක්ෂයා සම්පූර්ණයෙන්ම නොදන්නා ක්‍රිස්තියාණි දේශකයින්, ගුරුවරුන් සිටිය හැකිය.

යොහන් 8:44
නුඹලා නුඹලාගේ පියවු යක්ෂයාගෙන්ය. නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය. ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.

ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන් නොමැතිව කිතුනුවන් ලෙස හඳුන්වන බොහෝ දෙනෙක් සිටිති.

2යොහන් 1:9
යෙෂුආගේ ඉගැන්විමෙහි නොපැවති ඉස්සරහට යන්නාවු කිසිවෙකුට දෙවියන් නැත්තේය. ඒ ඉගැන්විමෙහි පවතින්නාටම පියාණන්ද, පුත‍්‍රයාණන්ද සිටිනසේක.

සදාකාල ජීවිතය යනු කුමක්ද?

යොහන් 17:3
සදාකාල ජීවිතය නම් එකම සැබෑවු දෙවියන් වන ඔබ සහ ඔබ එවු යෙෂුආ මෙසායා දැන ගැනීමය.

යෙෂුආගේ ඉගැන්විම විස්වාස කර කීකරු වීම

යොහන් 3:36
පුත‍්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවිත ඇතත නුමුත් පුත‍්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවිතය නොදක්නේය. දෙවියන්ගේ උදහස ඔහු කෙරෙහි පවතියි.

පියාණන් වන දෙවියන් අපට සදාකාල ජීවිතය දී ඇත

1 යොහන් 5:11
ඒ සාක්ෂිය නම්, දෙවියන් අපට සදාකාල ජීවිතය දුන් බවය. එ් ජීවතයද, තමන් පුත‍්‍රයාණන් තුල තිබේ.

පුත‍්‍රයාණන් ඇත්තාට ඒ ජීවිතය ඇත

1යොහන් 5:12
පුත‍්‍රයාණන් ඇත්තාට ඒ ජීවිතය ඇත: දෙවියන්ගේ පුත‍්‍රයා නැත්තාට ඒ ජීවිතය නැත.”

අපේ පංගුකාරකම ර්‍ණපියාණන් සහ පුත‍්‍රයා සමග

1යොහන් 1:3
අප සමග පංගුකාරකම ලබන පිනිස අප දුටුවාවු ඇසුවාවු ඒ දෙ නුඔලාටත් ප‍්‍රකාශකරමුව. අපේ පංගුකාරකම පියාණන්ද ස්වකීය පුත‍්‍රවු යෙෂුආ මෙසායා සමගය.

යොහන් 14වන පරිච්ඡේදයේ ශුද්ධත්මයාණනගේ උදව්කරු එනම් සැනසිලිකාරයාණන්, අඨීනීඥයා නැවත නැගිටුවනු ලැබු යෙෂුආ පමණි

1යොහන් 2:1
මාගේ ප්‍රිය දරුවෙනි, මේ කාරණා නුඔලාට ලියා එවන්නේ නුඔලා පව් නොකරන පිනිසය. යමෙක් පව් කළොත් ධර්මිෂ්ඨ වු යෙෂුආ මෙසායා වන මැදහත්කාරයෙක් පියාණන් වෙත අපට සිටින සේක.

අපි එතුමා තුළ සිටින බවත් එතුමා අප තුළ සිටින බවත් අප හදුනාගන්නේ කෙසේද?

1 යොහන් 3:24
එතුමාගේ ආඥා පවත්වන්නා එතුමා තුළ පවතියි. එතුමාද, ඔහු තුළ පවතිනසේක. එතුමා අප තුළ සිටින බව අප දැනගන්නේ එතුමා අපට දුන් ආත්මයෙන්ය.
1 යොහන් 4:13
අපි එතුමා තුළද එතුමා අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ එතුමා තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.

යෙෂුආගේ ඉගැන්වීම පියාණන් වන දෙවියන්ගේ ඉගැන්වීමය

යොහන් 7:15,16,17
යුදෙච්වරු මවිතවත කිසිකලක ඉගෙන නොගත්තාවු මොහු ලියවිලි දන්නේ කොහොමදැයි කීවෝය. එහෙයින් යෙෂුආ ඔවුන්ට උත්තරදෙමින් ″මාගේ ඉගැන්විම මාගේ නොව මා එවු තැනැත්තාගේය″. යමෙක් ″එතුමාගේ කැමැත්ත කරන්ට කැමති නම් ඔහු ඒ ඉගැන්විම දෙවියන්ගෙන් වූ ඉගැන්විමක්ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.

කුමන පාලකයෙක් හෝ අපගේ, යෙෂුආගේ ධර්මයට එකඟව උගන්වන්නේ නැති නම් ,ඔහු කිසිවක් නොදැන ලාභයට මාර්ගය උපදවන්නාද අහංකාරවද සිටියි.

1 තිමෝති 6:3-5
යමෙක් සාරවු වචනවලට එනම් අපගේ ඇඞා්නයි යෙෂුආ මෙසායාගේ පණිවිඞයටත් භක්තිවන්තකමේ හැටියටවු ධර්මයත් එකඟ නොවී,වෙනස් ධර්මයක් උගන්වන්නෙ නම්, ඔහු කිසිවක් නොදැන, පණිවිඞය ගැන ප‍්‍රශ්නකිරීමෙන්ද වාදකිරිමෙන්ද උමතුව අහංකාරව සිටියිත එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දුෂ්‍යවූණ සිත් ඇත්තාවු, සැබෑවෙන් වෙන්ව සිටින්නාවු භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවු මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.
රෝම 16:17,18
සහෝදරයෙනි, නුඔලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවු දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගේ අහක්වෙන මෙන් නුඔලාගෙන් ඉල්ලමි.මක්නිසාද එබදු අය අපගේ ඇඞානයි යෙෂුආට තමුන්ගේම බඞට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලූන්ගේ සිත් මුළාකරති.

නුඔලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම් ඔහු නිවසට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවායි නොකියන්න

2 යොහන් 1:9,10,11
මෙසායාගේ ඉගැන්විමෙහි නොපැවති ඉස්සරහට යන්නාවු කිසිවෙකුට දෙවියන් නැත්තේය. ඒ ඉගැන්විමෙහි පවතින්නාටම පියාණන්ද පුත‍්‍රයාණන්ද සිටින සේක. නුඔලා වෙතට එන යමෙක් මේ ඉගැන්විම නොගෙනෙනවා නම්, ඔහු නිවසට පිළි නොගන්න,ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න. මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.

යෙෂුආ දේශනාකල එකම එක ශුභාරංචිය පැමිනෙන්ට තිබෙන දේවරාජ්‍යය

මාර්ක් 1:15 මතෙව් 4:23, 9:35
"සිත් හැරෙන්න″ මක්නිසාද දේවරාජ්‍යය ළඟය "

එතුමා එම ශුභාරංචියම ගෝලයන්ට දේශනා කරන ලෙස අණ කරා

මතෙව් 10:7
නුඔලා යමින් ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න

ශුභාරංචිය ප‍්‍රකාශකිරිමේ අරමුණ සඳහා එතුමා යවන ලද්දේය.

ලූක් 4:43
නුමුත් එතුමා: මා විසින් අනික් නුවරවලටත් දෙවියන්ගේ රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඔනෑය. මක්නිසාද ඒ පිණස එවනලද්දෙමියි ඔවුන්ට කීසේක.

රාජ්‍යය ගැන මේ පණිවිඞය ලොවපුරා අන්තිම දක්වා ප‍්‍රකාශකරනු ලැබේ

මතෙව් 24:14
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලූ ජාතින්ට සාක්ෂියක් පිණස ලොව මුළුල්ලේ ප‍්‍රකාශකරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය.

පිලිප් දෙවියන්ගේ රාජ්‍යය ප‍්‍රකාශකරා

ක්‍රියා 8:12
නුමුත් ඔව්හු දෙවියන්ගේ රාජ්‍යයද යෙෂුආ මෙසායාගේ නම ගැන ශුභාරංචිය දේශනාකළාවු පිලිප් විශ්වාසකොට පුරුෂයෝද, කාන්තාවන්ද බව්තීස්ම ලැබුවෝය.

පාවුල් දෙවියන්ගේ රාජ්‍යය ප‍්‍රකාශකළා

ක්‍රියා 20:24,25
නුමුත් මගේ දිවීමද දෙවියන්ගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ඇඞානයිවු යෙෂුආගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි. ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඔලා අතරෙහි ඇවිද්දාවු මාගේ මුහුණ නුඔලා සියල්ලන් තවත් නොදකින බව දනිමි.

ක්‍රියා 28:30,31
ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසය කොට, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන, කිසිම භයක්වත් තහනමක්වත් නැතුව දෙවියන්ගේ රාජ්‍යය දේශනාකරමින්, ඇඞානයි යෙෂුආ මෙසායා ගැන කාරණා ඉගැන්නුවේය.

පාවුල් එකම එක ශුභාරංචියක් ප‍්‍රකාශ කළා

ගලාති 1:6 - 8
යෙෂුආගේ කරුණාව කරණකොටගෙන නුඹලා කැඳවු තැනැත්තානන් කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරි යනවාට මවිත වෙමි. සමහරු නුඹලා කලඹා. මෙසායාගේ ශුභාරංචිය පෙරළන්ට කැමතිවා මිස, ඒක වෙන ශුභාරංචියක් නොවේ. නුමුත් අප විසින් නුඹලාට ප‍්‍රකාශකළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදුතයෙක්වත් නුඹලාට ප‍්‍රකාශකරතොත් ඔහු ශාපලද්දක් වේවා.

යෙෂුආ කීසේක මම ලෝකයේ ආලෝකයය

යොහන් 8:12
යෙෂුආ නැවත ඔවුන්ට කතාකරමින්: මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයේ නොහැසිර ජීවිතයේ ආලෝකය ලබන්නේය.

යෙෂුආ අනුගමනය කිිරිම යනු , එතුමාගේ පණිවිඞය අනුගමනය කර, එතුමා ජීවත් වු ජීවිතය අනුගමනය කිරිම එළිදරව්ව 19:13 යෙෂුආ ඔබ තුළට පැමිනෙන විට ඔබ ආලෝකව සිටින්නේය. 1 යොහන් 5:12

නුඹලා ලෝකයේ ආලෝකය

මාතෙව් 5:14,15
නුඹලා ලෝකයේ ආලෝකය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන් රුක උඞ තබති. එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.

මතෙව් 5:16
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්ට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.

යෙෂුආ විශ්වාස කිරිම යනු, එතුමාගේ වචනය විස්වාස කිරිමයිි, එතුමාට කීකරු වීම.

යොහන් 4:39 - 41
මා කළ සියල්ල එතුමා මට කීසේකැයි සාක්ෂිදුන් කාන්තාවගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් එතුමා කෙරෙහි අදහගත්තෝය. එවිට සමාරියවරු එතුමා ළඟට ඇවිත්, තමුන් සමග නවතින ලෙස එතුමාගෙන් ඉල්ලූවේය. එතුමා දෙදවසක් එහි නැවතුණුසේක. වෙනත් බොහෝ දෙනෙක් එතුමාගේ වචනය නිසා අදහගත්තෝය.
යෙෂුආ විශ්වාස කිරිම යනු, එතුමාගේ වචනය විස්වාස කිරිමයිි, එතුමාට කීකරු වීම.

සැබෑවෙ එළිදරව්ව ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඞිවෙමින් පවති

යොහන් 8:31,32
එබැවින් යෙෂුආ තමන්ව අදහගත් යුදෙව්වරුන්ට කියනසෙක්: නුඹලා මාගේ වචනයෙහි පවතිනවානම්, සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය: නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.

සැබෑව ප‍්‍රතික්ෂේප කිරිම අනතුරුදායකය සහිතය !

යොහන් 17:17
සැබෑවෙන් ඔවුන් පවිත‍්‍රකල මැනව
කවුරු හෝ සැබෑව දැන ගත් පසු ඔවුන් එයින් අහක් වුණානම් , නැති නම් ප‍්‍රතික්ෂේප කළා නම් ඔවුන්ට බොරුව විශ්වාස කරන පිනිස මුළාවේ ක‍්‍රීයාකීරිමක් ඔවුන්ට එවනසේක, ඒ මුළාවෙන් ඔවුන් අහක් විය නොහැක.

2 තෙස 2:11,12
මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප‍්‍රසන්නවු සියල්ලන්ම විනිශ්චය කරනු ලබනු පිනිස, බොරුව විශ්වාස කරන හැටියට “යාවේ” මුළාවේ ක්‍රියාකිරිමක් ඔවුන්ට එවනසේක.

එනම් කුමන හේතුවක් මත සැබෑව නොවිකුණා තබාගනින්න, එසේ විකුණුවානම් “යාවේ” මුළවේ ක්‍රියාකිරිමක් ඔවුන්ට එවනසේක එයින් බේරිය නොහැක.

හිතෝපදේශ 23:23
සැබෑවද ප‍්‍රඥාවද ඉගනගැන්මද නුවණද මිලේට ගනින්න, ඒවා නොවිකුණා තබාගනින්න.
කුමන හේතුවක් මතවත් ඔබේ ජීවිතයේ සැබෑව විකිණිම, අහක්කිරිම, ප‍්‍රතික්ෂේපද නොකරන්න.

යොහාන් 17:3
“සදාකාල ජීවිතය නම් එකම සැබෑවු යාවේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යෙෂුආ මෙසායා ඔවුන් විසින් ඇඳිනගැනීමය”.
සදාකාල ජීවිතය නම් එකම සැබෑවු යාවේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යෙෂුආ මෙසායා ඔවුන් විසින් ඇඳිනගැනීමය.” එකම සැබෑවු දෙවියන් යෙෂුආගේ පියාණන්වන දෙවියන් එතුමා ශූද්ධය, එතුමා ආත්මයෙන් සිටින්නේය” එතුමා ශුද්ධාආත්මයාණන්, පියාණනන් වන දෙවියන්ගේ ස්භාවික චරිතය නම් "ශූද්ධාත්මය”


ක්‍රියා 2:38
එතුමා සෙනඟට දුන් දීමනාව පියාණන් වන දෙවියන්ගේ දේවත්වයේ චරිතය වන පේත‍්‍රෑස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව් කමාව පිනිස යෙෂුආ මෙසායාගේ නමින් බව්තීස්මය ලබන්නත එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. පියාණනන් වන දෙවියන් එතුමාගේ ස්වභාවික චරිතය, දීමනාව ලෙස දෙන සේක.

ක්‍රියා 5:32
අපි මේ කාරණාවලට සාක්ෂිකාරයෝය, එසෙම දෙවියන් විසින් තමන්ට කීකරුවෙන්නන්ට දුන් ශූද්ධාත්මයණන් සාක්ෂිකාරයෙක්බව කීසේක.

ශූද්ධාත්මයාණන්ට විරුද්ධව සමාවනොදෙන පාපය, නැතිනම් දුෂිත වචනය නම් කුමක්ද?

ශුද්ධ ආත්මය යනු පියාණන් වන දේවගතිගූණ ස්වරූපයයි.
මතෙවී 10:20 මාර්ක් 13:11 ලූක් 12:12
පියාණන්ගේ ආත්මය “ශුද්ධආත්මය” ලෙස යෙෂුආ පවසන ලදි.
ශුද්ධාත්මයණෙන්ට විරුද්ධව ප‍්‍රකාශන , පියාණන් වන දෙවියන්ට විරුද්ධව ප‍්‍රකාශනවේ.

සිත්හැරිමත් පාපකමාවත්,යෙෂුආගේ නමින් පමණයි.

ලූක් 24:46 - 47
මෙසේ මෙසායා වධවිඳින්ටත්, තුන්වෙනිද්‍ර මළවුන්ගෙන් නැගිටින්ටත්, යෙරුසලමේ පටන් සියලූ ජාතින්ට පසුතැවිල්ල සහ පව්කමාවද එතුමාගේ නමින් ප‍්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.

ඉහලින් ඉපදුන ඇදහිලිවන්තයෙකුට ඉලක්කය යෙරුසලම

මතෙව් 5:5
“මොළොක් ගූණ ඇත්තෝ ඇශීර්වාදලද්දෝය. මක්නිසාද ඔවුහු පොළොව උරුමකරගන්නෝය.”

එළිදරව්ව 2:26
ජයගන්නාවු, කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවු තැනැත්තාට නම් මාගේ පියාණනගේන් මා ලැබු ලෙස ජාතින් කෙරෙහි බලය දෙන්නෙමි.

එළිදරව්ව 5:10
දෙවියන්ට මිලෙට ගෙන, ඔවුන් අපගේ දෙවියන්ට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. ඔවුහු පොළොවෙහි රජකම්කරතියි කීවෝය.

බොරු ව්‍යාජ ක්‍රිස්තුස් කවුද?

1යොහන් 2:22
යෙෂුආ මෙසායා නොවෙයයි කියන තැනැත්තා මිස බොරු කාරයා වෙන කවුද? විරුද්ධ ක්‍රිස්තුස් මෙය එනම් පියාණන් සහ පුත‍්‍රයාණන් එපාකරන තැනැත්තාමය.

2 යොහන් 1:9
මෙසායාගේ ඉගැන්වීමෙහි නොපැවති ඉස්සරහට යන්නාවු කිසිවෙකුට දෙවියන් නැත්තේය. ඒ ඉගැන්විමෙහි පවතින්නාටම පියාණන්ද පුත‍්‍රයාණන්ද සිටිනසේක.

1 කොරින්ති 8:5,6
මක්නිසාද බොහෝ දෙවිවරුන්ද බොහෝ අධිපතිවරුන්ද ඇත්තාක්මෙන් ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ දෙවිවරුය කියන තැනැත්තන් සිටින නුමුත් අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන් සියල්ල පැමිණ තිබෙන්නේ එතුමාගේන්ය. අපිත් එතුමා උදෙසාය. තවද අපට ඇත්තේ එක ම දෙවියන් එනම් යෙෂුආ මෙසායාය. සියල්ල එතුමා කරණකොටගෙන, අපිත් එතුමා කරණකොටගෙනය.